gossip lanka

WhatsApp පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් !

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහතින් දැක්වෙයි.

ෆේස්බුක් සමාගම විසින් නිල වට්සැප් යෙදුමට පරිභාහිරව එය තෙවන පාර්ශවයක් විසින් නවීකරණයට ලක් කොට විවිධ වූ නව නාමයන් හරහා භාවිතා කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරණි සංවාද සියල්ලම ඉවත්කිරීමට කටයුතු ගෙන ඇත.
මේ නිසා GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදී විවිධ වූ නාමයන් හරහා තිබෙන්නා වූ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් මගින් භාවිතයට ලක්වන පරිශීලක දුරකථන අංක හදුනාගෙන එම දුරකථන අංක වට්සැප් ජාලය තුල තාවකාලිකව නැවත භාවිතයට ගත නොහැකි වන සේ හා එම පරිශීලකයන්ගේ පැරණි සංවාද සියල්ලන්ගේම පිටපත්ද ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කොට තිබේ..

නිල වට්සැප් යෙදුමෙහි භාවිතා කිරීමට හැකියාව තිබෙන්නේ එක් පරිශීලක ගිණුමක් වන අතර මේ නිසා දුරකථන අංක කිහිපයක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන බොහෝ වට්සැප් පරිශීලකයන් මෙලෙස විශාල වශයෙන් තෙවන පාර්ශවයක් විසින් නවීකරණය කරනලද වට්සැප් යෙදුම් භාවිතය සදහා යොමුවී තිබෙන අතර මෙසේ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් භාවිතා කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිලිබදව ඇතිවිය හැකි ආරක්ෂක හේතූන් මත ෆේස්බුක් ආයතනයට එම පරිශීලකයන්ගේ දත්ත පිළිබද වගකීමක් දැරීමට නොහැකි නිසා මෙසේ පියවර ගැනීමට සිදුකරනු ලබන බව වට්සැප් සමාගමෙහි නියෝජිතයෙක් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය හා සම්බන්ධවී අප සමුහය දැනුවත් කර ඇත.

ව්ට්සැප් සමාගමෙහි නියෝජියා අප ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වෙත සදහන් කල ආකාරයට තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කොට තිබෙන ව්ට්සැප් යෙදුම් භාවිතා කරන පරිශීලකයන් තම ගිණුම් අවලංගු නොවී පවත්වාගෙන යාමට සිදුකළ යුතුදේ වට්සැප් වෙබ් අඩවියෙහි FCQ (නිතර අසන පැන) පිටුවෙහි දක්වා ඇති බව සදහන් කරයි.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය
gossip lanka