gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලබන අය-වැයෙන් වාහන මිල තවත් ඉහළට ?

ලබන අය _ වැය මඟින් වාහන සඳහා පනවා තිබෙන බදු ප්‍රමාණය තවත් වැඩිකරනු ඇතැයි සැකයක් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා පැවැසීය.

මීට පෙරද සෑම වර්ෂයකම අය _ වැය සැකසීමට පෙර වාහන ආනයන සංගම් නියෝජිතයන් මුදල් අමාත්‍යාංශයට කැඳවා අදහස් ලබා ගත් නමුත් මෙවර එවැනි අවස්ථාවක් ලබා නොදුන් බවද ඒ මහතා කීය.
මේ වනවිට වාහන අලෙවිය විශාල ලෙස පහත වැටී ඇතැයිද, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ජපන් යෙන් එකක මිල රුපියල 1.75ක් දක්වා වෙනස් වී තිබීම යන කරුණු නිසා වාහන ආනයන වියදමද පෙර නොවූ පරිදි වැඩි වී ඇතැයිද ඒ මහතා පැවැසීය.

මේ වනවිට වාහන ඇණවුම් කිරීමේදී බැංකුවලට ගෙවන මුදල දෙගුණයකින් වැඩි කිරීම ඇතුළු කාරණා කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇති බවට කීර්ති ගුණවර්ධන මහතා පැහැදිලි කළේය.

මෙරට වාහන ආනයන කරන ප්‍රධාන සංගම් දෙකක් ඇතැයිද එකක් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ අනෙක ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය යැයිද ඒ මහතා කීය.

ලබන මාර්තුවේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අය _ වැය මඟින් ආනයනික වාහන බදු තවත් වැඩිවනු ඇතැයිද අය _ වැය සැකසීමට පෙර මුදල් අමාත්‍යාංශය තම සංගම් දෙකට ඉතිහාසයේ ප්‍රථම වතාවට අවස්ථාව ලබා නොදුන්නේ සහන සැලසීම නොකරන නිසා වන්නට පුළුවනැයි ද හෙතෙම තවදුරටත් විශ්වාසය පළ කළේය.

මව්බිම
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka