gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුකිය කැළඹූ මාලිංග, තිසර ක්‍රිකට් ආයතනයට වුණු පොරොන්දුව

ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළවූ සිද්ධීන් යළි ඇති නොවීමට වගබලා ගන්නා බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින සහ පන්දු වාර විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ බිරිඳගේ බවට පැවසෙන ෆේස්බුක් ගිණුමක් තුළ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිය ස්ථානය රැකගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවට ගිය බවක් පසුගියදා සඳහන් වුණා.
එහි නමක් සඳහන් නොවූවත්, පැන්ඩෙකුගේ පින්තූරයක් යොදමින් ‘‘අසරණ පැන්ඩා’’ ලෙස සඳහන් කිරීමට මාලිංගගේ බිරිඳ කටයුතු කර තිබූ බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කළා.


එහෙත්  ඊට පසුදින තිසර පෙරේරාගේ බිරිඳගේ බව පැවසෙන ෆේස්බුක් ගිණුමක ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති  දෙවන එක්දින තරගයට පෙර තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ සිය ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා කිසිවෙකු පසුපස යාමට අවශ්‍ය නොවන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka