gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩු කත ළඟ නිල ඇඳුම තිබූ CID කුමාර් අතුරුදන්

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ජාඇළ ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවකගේ නිවසේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ සැරයන්වරයෙකුගේ නිල ඇඳුම හමුවූ අතර සිද්ධියත් සමඟ ඔහු අතුරුදන්ව ඇත.

මෙම සිද්ධිය අනාවරණය වීමත් සමඟ එම නිලධාරීයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පසුගියදා එම නිල ඇඳුම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හමුවන අවස්ථාවේ ‘කුමාර් සේකර ජී 31118’ දරන පොලිස් අංක තහඩුවද එම නිලඇඳුමේ කමිස සාක්කුවේ ඉහළින් අමුණා තිබී ඇත.

මත්කුඩු ග‍්‍රෑම් අසූවක් සමඟ අත්අඩංගුවට ගත් රාජේස්වරී නමැති මෙම කාන්තාවගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරිම්වලදී තමන්ට මත් කුඩු තොගය ගෙනවිත් දුන්නේ දැනට සැඟවී සිටින පොලිස් සැරයන්වරයා බවද ඇය පොලිසියට පවසා ඇත.

මෙම කුඩු ජාවාරම්කාරිය කලකට ඉහත එල්ටීටීඊ සංවිධානය බලවත් සමයේ මුහුදු කොටි සාමාජිකයන් සමඟ සබඳතා පවත්වමින් කුඩු ජාවාරමේ නිරත වූ කාන්තාවක බවද අනාවරණය වී තිබේ.

ඇය කිඹුලා ඇළේ ගුණා, ඇතුළු කල්ලියේ සාමාජිකාවක බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka