gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරිපිටි කිලොවක් රුපියල් 100කින් වැඩිවෙයි ?

කිරිපිටි කිලෝවේ පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සහ ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.

මිල වැඩිකිරීමට අවසර නොලැබුණොත් කිරිපිටි ගෙන්වීම නවතා දැමීමට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් පිරිසක් සාමූහික තීරණයක් ගෙන ඇයිති බවද එම වාර්තා සඳහන් කරයි.
කිරිපිටි ආනයන සමාගම් මේ වන විට මසකට රුපියල් මිලියන 30 සිට 40 දක්වා පාඩු ලබන බවත්,පවතින තත්ත්වය අනුව කිරිපිටි ආනයනය නවතා දැමීම හැර වෙනත් විකල්පයක්  නැති බවත් ඔවුන් පවසා තිබේ.

කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන තෙක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගන්නා බවටත් අලුතින් ඇණවුම් නොකරන බවටත් එම සමාගම් අනතුරු අඟවා ඇතැයිද දැනගන්නට ලැබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka