gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැලි ට්‍රැක්ටරය පොලිසිය යටකර‍ගෙන පලා යයි

යාපනය, කොඩිකාමම්, කච්චායි ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු හප්පා ඊයේ (14) රාත්‍රියේ වැලි ට්‍රැක්ටර රථයක් පලාගොස් ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු වැලි ජාවාරම වැටලීමට ගොස් ඇත.

අදාළ අවස්ථාවේ වැලි පැටවූ ට්‍රැක්ටර රථ රියදුරු පොලිස් නිලධාරීන් පැමිණ ඇති බව දැක අදාළ පොලිස් නිලධාරීන් හප්පාගෙන එම ස්ථානයෙන් පලාගොස් තිබේ.

යාපනය ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසූවේ අනතුරින් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහල් හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කොට ඇති අතර, අනෙක් පොලිස් නිලධාරීන් තිදෙනාද තුවාල ලබා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසුවේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් හප්පාගෙන වැලි ට්‍රැක්ටරයක් ගමන්කොට ඇති අතර,අදාළ රියදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවයි.

සිද්ධියට අදාළ ට්‍රැක්ටර රථය අත්අඩංගුවට ගෙන ඇති අතර,ට්‍රැක්ටර රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය පැවසීය.

කොඩිකාමම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka