gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේනා වනසන්න තිරප්පනේ ගොවියෙක් සමත් වේ !

අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක බඩ ඉරිඟු හා වී වගාවේ පළදාව මුලුමනින්ම විනාශයට පත්කරමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකරන සේනා දළඹුවා දුම්කළ වගාවේ දිලීර මර්දනයට යොදා ගන්නා දේශිය දිලීර නාශකයක් මගින් මට්ටුකළ හැකි බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රදේශයේ පදිංචි ගොවි මහතෙකු විසින් සොයා ගෙන තිබේ.
වසර කිහිපයක්ම ජලය නොමැතිවීම නිසා නිසි ගොවිතැන් බතක් කර ගැනීමට නොහැකිවූ ගොවින්ට මෙවර අවශ්‍ය තරම් වර්ෂාව ලැබී වගාවන් ආරම්භ කළත් පසුගිය මාස කිහිපයේ සිට සේනා දළඹුවා නමින් හඳුන්වන දළඹු විශේෂය බඩ ඉරිඟු අස්වැන්න විනාශයට පත්කරමින් එම වගාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින අතර දළඹුවා මේවන විට වී වගාවන්ටත් හානි පමුණවමින් සිටී.

ගොවින්ට හිසරදක්වූ සේනා දළඹුවා දුම්කළ වගාවේ දිලීර මර්දනයට යොදාගත් දිලීර නාශයකයක් මගින් විනාශයට පත් කිරීමට හැකි බව තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තෝඩමඩුව ප්‍රදේශයේ පදිංචි ගොවි මහතකු විසින් සොයා ගෙන තිබේ. ඒ මහතාගේ නිවස ආසන්නයේ පදිංචි ඔහුගේ ඥාති සහෝදරයා විසින් දිලීර නාශකය බඩ ඉරිඟු වශාවට ඉස අත්හදා බැලීමක් සිදුකරන ලෙස දන්වා තිබෙන අතර ගොවි මහතා අක්කර දෙකක් පමණවූ ඔහුගේ බඩ ඉරිඟු වගාවට දිලීර නාශයක ඉසීමෙන් අනතුරුව සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් පලකළ බී.විජේසිංහ ගොවිමහතා. මගේ මස්සිනා මට ලබාදුන්නා දුම්කළ වගාවේ දිලීර මර්දනයට ගහපු දේශිය ආයතනයක් නිෂ්පාදනය කරන රසායන දියරයක්. එම රසායනය ඉසීමෙන් පසුව සේනා දළඹුවා මර්දනය වී තිබෙනවා. මම වගාකරපු අක්කර දෙකක ඉරිඟු වගාව මේ වනවිට ඉතා හොඳ තත්ත්වයේ තියනවා.

මම මගේ කුඹුරු ගොයමටත් මෙම දිලීර නාශකය ඉසිනු ලැබූවා. ගොයමටත් කිසිම තර්ජනයක් වෙලා නෑ. රසායන ඉසින යන්ත්‍රයක් උපයෝගී කරගෙන ගසේ මුදුණේ ඉදගෙන පහලට රසායනය ඉසිනු ලැබුවා. විනාශ වෙමින් තිබූ වගාව සුරක්ෂිතයි කියලා හිතනවා. කරලට හානීයක් වන අන්දමින් රසායනය ඉස්සේ නෑ. වගාවේ හිටපු දළඹුවන් මදක් දුරට ගිහිල්ලා වැටිලා ඉන්නවා දැක්කා.

මේ සම්බන්ධයෙන් මහඉලුප්පල්ලම කෘෂි විද්‍යා පර්යේෂණ ඒකකයේ කීට විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහත්මිය කියා සිටියේ සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මේවන විට රසායන වර්ග 12ක් පමණ සොයා ගෙන තිබෙන බවයි.දළඹුවා මර්දනය වූවත් දළඹුවගේ බිත්තර එම රසායන වර්ග වලින් විනාශ නොවීම නිසා නැවතත් සේනා දළඹුවා ව්‍යාප්ත වන බව ඈ පැවසුවාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka