gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙවර එක්ලක්ෂ තිස්දහසකට සරසවි වරම් අහිමි වෙලා !

පසුගියදා නිකුත් කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ එක්ලක්ෂ තිස් හයදහස් හත්සිය දාහතර දෙනකුට (136,714) සරසවියට ඇතුළු වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරන ආකාරයට මෙවර විශ්වවිද්‍යාල 15ක් සඳහා බඳවාගනු ලබන සිසුන් ගණන තිස්දහස් එකසිය පනස් අටදෙනක් (31,158) පමණක්වීම නිසාය.
මෙවර උසස්පෙළ විභාගයට තුන්ලක්ෂ විසිඑක්දහස් හාරසිය හැට දෙකක් (321,462) පෙනී සිටියේය

කෙසේවුවද, 2017 වර්ෂයට සාපේක්ෂව සිසුන් හයසිය හතළිස් පස්දෙනකු (645) වැඩිපුර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය. ඒ අනුව 2017 වර්ෂයේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගෙන ඇත්තේ සිසුන් තිස්දහස් පන්සිය දහතුන (30,513)කි.

එම වසරේදී උසස් පෙළට පෙනී සිට ඇති සිසුන් ප්‍රමාණය දෙලක්ෂ පනස් අටදහස් හාරසිය පහලොව (258,415) කි. පසුගිය වසරට වඩා මෙවර උසස් පෙළ විභාගයට සිසුන් හැට තුන්දහස් හතලිස් හතක් (63,047) වැඩිපුර පෙනී සිට තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka