gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකවාසී හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් දිනය අදයි

හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කෙරෙන තෛපොංගල් උත්සවය අදට(15) යෙදී තිබේ.

සූර්ය වන්දනාව මුලික කරගත් අස්වනු නෙලීමේ මංගල්‍යය ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය දකුණු ඉන්දියාවෙන් ආරම්භ වු අතර මේ වන විට එය ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරනු ලබයි.
තෛපොංගල් උත්සවය මෙරට හින්දු බැතිමතුන්ගේ ද ඉතා වැදගත් ආගමික සංස්කෘතික උළෙලක් ලෙසයි සැලකෙන්නේ.

බහුවිධ ආගම්, ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත් බව රකිනු වස් තෛපොංගල් උත්සවය වැනි උත්සව බෙහෙවින් ඉවහල් වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ දුරුතු උදාව ජීවිතයට නව මං විවිර වන බව දෙමළ ජනයාගේ විශ්වාසය බවයි.

එම විශ්වාසයන් ඉටුවී ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයකට සුබපතන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තෛපොංගල් උත්සවය දමිළ ජනතාවට පමණක් නොව ලෝක වාසී ජනතාවට සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය කියා පාන උත්සවයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

තෛපොංගල් සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ තෛපොංගල් උත්සවයේ සියලු චාරිත්‍ර වාරිත්‍ර මිනිසා සහ සොබා දහම අතර සහජීවිනය අර්ථවත් කරන අතරම මානව සමාජයේ සතුට සහ සෞභාග්‍ය අරමුණු කරගනිමින් ඉටුකරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka