රජයේ සංස්ථා සහ මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය සතියක් තුළ පත් කරන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආණ්ඩුවට දැනුම් දී තිබෙනවා.
ඒ, ඊයේ (14) පැවති කැබිනට් රැස්වීමේදීයි.
රජයේ සංස්ථා හා මණ්ඩල සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් නොකිරීමෙන් එම ආයතනවල කටයුතුවලට ගැටළු මතුව ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.
කැබිනට් මණ්ඩලය දිවුරුම්දී සති කිහිපයක් ගතවී ඇතත් රජයේ සංස්ථා සහ මණ්ඩල සඳහා ප‍්‍රධානීන් පත් කිරීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ නිර්දේශයද ලබාගත යුතු වනවා.
ජනපතිගෙන් ආණ්ඩුවට දැනුම්දීමක්
2019-01-15T09:45:00+05:30
Gossip Lanka Hot News
slide|