gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතාලියේදි ශ්‍රි ලාංකික කතක් අභිරහස් ලෙස මියයයි

ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කල ලාංකික කාන්තාවක් ඇය සේවය කරන නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදි  ඉකුත් 31 දා සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මහවැව කොස්වාඩියේ පදිංචි උමයංගි වීරසිරි 32 නැමති කාන්තාවකි .
මෙම කාන්තාව තම සැමියත් සමග නාපෝලි නගරයේ පොසිලිකෝ ප්‍රදේශයේ නිවසක නැවති සේවය කල අයෙක් බවත්  තම සේවිකාව සේවය කිරිමට නොපැමිණීම නිසා ඇය සිටි කාමරය වෙත ගිය නිවෙස් හිමි ඉතාලි ජාතික කාන්තාව  එහි එල්ලි මියගොස් සිටි ආකාරය දැක එරට පොලිසියට කරන ලද දැනුම් දීමක් මත පොලිස් නිලධාරින් පැමිණ මළ සිරුර සොයාගෙන තිබේ.

මෙම කාන්තාව නවාතැන් ගෙන සිටි ස්ථානයෙන් ඇගේ සැමියා මළ සිරුර සොයාගත් දින අලුයම පිට වි යන ආකාරය නිවෙස් හිමි කාන්තාව දැක ඇති අතර මේ වනවිට එම පුද්ගලයා අතුරුදන් වි ඇති බව වාර්තා වේ .

  වසර 8 ක පමණ කාලයක සිට මෙම කාන්තාව ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කරන බවත් ඉකුත් මැයි මාසයේ විවාහ වි සැමියත් සමග ඉතාලියට පසුගිය අගෝස්තු මාසයේදි ගිය බව මියගිය කාන්තාවගේ නැගණිය පවසා සිටියාය  .

තම සහෝදරිය ඇගේ සැමියත් සමග නාපෝලියේ එකම නිවසේ සේවය කල බවත් තම සහෝදරියගේ මරණය සිදු වු දා සිට ඇගේ සැමියා අතුරුදන් වි ඇති බව මියගිය කාන්තාවගේ නැගණිය වැඩි දුරටත් පවසා සිටියාය .

තම සහෝදරියගේ මරණය ඝාතනයක් බවට සැකකරන බව නාපෝලි නාගරික පොලිසිය පවසා සිටින බවත් වැඩිදුර පරික්ෂණ සිදු කරමින් සිටින බවට එරට පොලිසිය සඳහන් කරන බව මියගිය කාන්තාවගේ ඥාතින් පවසති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka