gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අපි ගෙවල් ගානේ හරි යනවා" - මහින්ද

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (04) නෙළුම් මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට පැමිණ නව වසරේ වැඩ ආරම්භ කළේය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා,

"මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. මේ ආණ්ඩුව ගුවන්තොටුපොළ, වරාය, බංකු වගේ රටේ සම්පත් විකිණුවා. ඒ වගේම තවත් දේවල් විකුණන්න සූදානම් කරලා තිබුණේ. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න සූදානමක් තිබුණා".
"අද රනිල් වික්‍රමසිංහ මහතා බොරු කියනවා. අපි බිලයන 8ක් වියදම් කරාලූ. එහෙම වියදම් කරන්න තියා බිලියනයක්වත් මුදල් තිබුණේ නැහැ. අපි ජනතාවට බදු සහන දුන්න එක ඇත්ත. පොහොර සහනාධාරය දුන්නේ මේක කෘෂිකාර්මික රටක් නිසයි. අපිට ස්වයංපෝෂිත ආර්ථිකයක් හදන්නයි අවශ්‍ය වුනේ. තිබුණු ආණ්ඩුව ජනතාවට තෙල් අඩු මිලට දුන්නේ නැහැ. අපි මිල අඩු කරපු නිසා මේ අයත් දැන් මිල අඩු කරන්න පටන් ගත්තා. ජනතාවට බොරු කියලා තමන්ගේ මල්ල තර කර ගන්න හදන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා".

"ඉතිහාසයේ පළවෙනි වතාවට මාධ්‍යයේ නම් කියමින් පාර්ලිමේන්තුවේදී පහර ගහනවා. අද එක් එක් මාධ්‍ය ආයතනවල පලිගැනීම් අරඹලා. තෝරාගත් ආයතනවලට රජයේ දැන්වීම් දීම නතර කරලා. තමන්ට ඕන ප‍්‍රවෘත්ති විතරක් පලකරන තත්ත්වයක් හදා ගන්නයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ඊට වඩා ශක්තිමත්ව මොවුන්ගේ මර්දනයට එරෙහිව නිවෙස්වලට ගිහින් හරි ජනතාව දැනුම්වත් කරනවා. නව වසර සුබ නව වසරක් වේවායි ප‍්‍රාර්ථනා කරනවා" යනුවෙන් ඔහු පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka