gossip lanka

ක්‍රිකට් නිලවරණය නැවතත් කල් යන ලකුණු

පෙබරවාරි මස 7 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තවදුරටත් කල් යන ලකුණු පහළ වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කළ ට්විටර් නිවේදනයකින් මේ බව තහවුරු වී තිබේ. ඔහු පෙන්වා දෙන්නේ නිලවරණය පැවැත්වීමට ඇති හැකියාවන් පිළිබඳව තමන් සලකා බැලූ නමුත් අවාසනාවකට 2018/09/22 දා නිකුත් කළ අංක 2089/56 ගැසට් නිවේදනය අනුව නීති ගැටලුවක් පැන නැගී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගේ අදහස් ලබා ගන්නා බවත් එහි මතය පැමිණි විට තමන් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ක්‍රියා කරන බවයි.

gossip lanka