gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා

හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කල මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පසුගිය දෙසැම්බර් මස 31දා විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩුව පවතින එම තනතුරට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (07) දිනයේ පත්වීමට නියමිතව ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ඊට අදාල ලියකියවිලි සකස්කර ගෙන අද උදැසන තමා හමුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
යුධ හමුදාපතිවරයා විසින් හමුදා මාණ්ඩලික ප්‍රධානි පුරප්පාඩුව සඳහා ජ්‍යෙෂ්ඨ මේජර් ජනරාල්වරුන් 10 දෙනෙකුගේ නම් නිර්දේශ කර ජනාධිපතිවරයාගේ අනුමැතිය යොමුකර තිබිණ.

යුධ හමුදාවේ දෙවන ප්‍රධාන තනතුර වන මාණ්ඩලික ප්‍රධානි තනතුරට නිර්දේශිත එම නම් අතර යුධ සමයේ අතිශය ජනප්‍රිය චරිත බවට පත්ව සිටි ශවේන්ද්‍ර සිල්වා, සත්‍යප්‍රිය ලියනගේ, අජිත් කාරියකරවන, රුවන් කුලතුංග, රුක්මාල් ඩයස්, දර්ශන හෙට්ටිආරච්චි හා කුමුදු පෙරේරා යන මේජර් ජනරාල්වරුන්ගේ නම් ද ඇතුලත්ව තිබී ඇත.

කෙසේවුවද පසුගිය දින කිහිපයෙහි මෙහිදී මෙම තනතුර සඳහා ශවේන්ද්‍ර සිල්වා හා සත්‍යප්‍රිය ලියනගේ අතර සිතල යුද්ධයක් පැවති අතර දේශපාලනඥයින් හා බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද ජනාධිපතිවරයා හමුවී ඔවුන් දෙදෙනා වෙනුවෙන් දැඩි බලපෑමක් ද එල්ලකර තිබිණ.

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතකු බවටත් ඔහුට යුධ අපරාධ චෝදනා ඇති බවටත් ඇතැමුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබු නමුත් ජ්‍යෙෂ්ඨතාවය සලකා බලා කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස තීරණයක් ගන්නා බව ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇත.

මීළඟ යුධ හමුදාපති ගැන ඉඟියක් !

මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විශ්‍රාම ගැනීමත් සමඟ පුරප්පාඩු වූ යුධ හමුදාවේ දෙවැනි පුටුවට පත්වන නිලධාරියා කවුදැයි තීරණය වීමත් සමඟ මීළඟ හමුදාපති කවුදැයි අනුමාන කළ හැක.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙතෙක් ඊළඟ හමුදාපති ධුරයට නිර්දේශ වූයේ යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය හෙබවූවන්ය.

පාඨමාලා අංක 19 යටතේ හමුදාවට එක්වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට මේ වසරේ ජුනි 21දාට වසර 55 විශ්‍රාමික වයස සම්පුර්ණ වන අතර පාඨමාලා අංක 19 යටතේ හමුදාවට එක්වූ මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේට වසර 55 සම්පුර්ණ වන්නේ මේවසරේ නොවැම්බර් 14 වෙනිදාය.

වත්මන් යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා වෙත ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති සේවා දිගුව 2019 අගෝස්තු 18 වැනිදා දක්වා ක්‍රියාත්මකය.

කෙසේවුවද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්වුවහොත් ඔහුට ද සේවා දිගුවක් ලබාගනිමින් හමුදාපති වීමේ අවස්ථාවක් උදාකර ගත හැක.

මිට පෙරදී හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කල නිලධාරීන් කිහිප දෙනෙකුට ද සේවා දිගු ලැබී ඇත. බලගල්ල, ජී.ඒ. චන්ද්‍රසිරි, නිල්ඩයස්, දයා රත්නායක යන මේජර් ජනරාල් වරුන්ට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දුට එසේ සේවා දිගු ලබාදී තිබේ.

විශ්‍රාමික වයස සම්පුර්ණවිම :

යුධ හමුදාපතිවරයා විසින් නිර්දේශකල නිලධාරීන් අතර සිටින විජයබාහු රෙජිමේන්තු නිලධාරියකු වන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන 2019 අප්‍රේල් 21 වැනිදා වයස 55 සපුරාලන්නේය.

එසේම, මේජර් ජෙනරාල් ආර්.එම්. ඩයස් මේ වසරේ අප්‍රේල් 25 වැනිදා ද මේජර් ජනරාල් රුවන් කුලතුංග 2019 වසරේ ජූලි 05 දින ද යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මේ වසරේ ජූලි 22 දිනද මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මේ වසර ඔක්තෝබර් 25 දා ද වයස 55 සම්පුර්ණ වීම හේතුවෙන් විශ්‍රාම ගත යුතුව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka