gossip lanka

චාලිට ගිනිතැබූ අය ඇප මත මුදාහරියි

මීගමුව කොප්පරා හංදියේ නිවසක කූඩුවක සිටි ලැබ්රඩෝ වර්ගයේ සුනඛයකුට භූමිතෙල් වක්කර ගිනි තබා මරාදැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් පුද්ගලයා මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා පෙරේරා මහත්මිය හමුවට පැමිණවීමෙන් පසුව රුපියල් 50,000/- ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළාය.
මෙසේ ඇපමත මුදාහැර ඇත්තේ මීගමුව පෙරියමුල්ල රහුමානාබාද් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අසංක සම්පත් නැමැත්තෙකි.

ගස් කැපීම රැකියාව කර ගත් අදාළ තැනැත්තා සිද්ධිය වූ නිවස ආසන්නයේ නිතර ගැවසී ඇති බව පැවසේ.

මේ නඩුව ලබන 14 වැනිදා යළි කැඳවීමට නියම වූ අතර එදිනට සැකකරුට පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
gossip lanka