gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති‍ගේ කටහඬ පරීක්‍ෂාවකට උසාවියෙන් අවසර !

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට පැවති බව කියන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඬ පරීක්‍ෂාවක් කිරීම සඳහා කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා විසින් අවසර ලබාදී ඇත.

කොටුව මහෙස්ත‍්‍රාත්වරයා මෙම අවසරය ලබාදී ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 04 වැනිදා කළ ඉල්ලීමකට අනුවය.
දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර නමැත්තා එම ඝාතන කුමන්ත‍්‍රණයට අදාළව දුරකථන සංවාද අඩංගු හඬපට 24 ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබිණි. එහිදී පොලිස්පතිවරයා සහ නාමල් කුමාර අතර පැවැති දුරකථන සංවාද අඩංගු හඬපට කිහිපයක් ද එහි තිබිණි.

ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ සහ නාමල් කුමාර නමැත්තාගේ කටහඬ පරීක්‍ෂාවන් මීට පෙර සිදුකෙරුණු අතර ඒවා ඔවුන්ගේම කටහඬ බව තහවුරු වී තිබිණි. ඒ අනුව පොලිස්පතිවරයාගේ කටහඬ පරීක්‍ෂාවක්ද ලබාගැනීම අවශ්‍ය බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත‍්‍රාත්වරයාට කරුණු දන්වා තිබිණි. මහෙස්ත‍්‍රාත්වරයා ලබාදුන් නියෝග අනුව ඉදිරි දිනයකදී පොලිස්පතිවරයා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර අදාළ කටහඬ පරීක්‍ෂාව සිදුකිරීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් සහ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් පැවැති බවට දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර පෙර හෙළිදරව්වක් කර තිබුණි. ඒ අනුව විමර්ශනයක් පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

නාමල් කුමාර නමැත්තා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට හඳුන්වා දී තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් බවට හෙළිවූ තොරතුරු මත පොලිස්පතිවරයාගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබාගත්තේය. එහිදී පොලිස්පතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ රහසිගත තොරතුරු කිහිපයක් ලබාදීම නිසා නාමල් කුමාර නමැත්තා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වෙත යොමුකළ බවයි.

නාමල් කුමාර නමැත්තා තමාගේ පෞද්ගලික හිතවතකු හෝ තමා සමග සම්බන්ධකම් පවත්වන පුද්ගලයකු නොවන බවද පොලිස්පතිවරයා විසින් එහිදී ප‍්‍රකාශ ලබාදී තිබුණි.

හේමන්ත රන්දුණු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka