gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෑස් මිල රු 359කින් වැඩි කරන්නැයි ඉල්ලීමක් !

ගෑස් මිල වැඩිකරන ලෙසට ගෑස් බෙදාහරින සමාගම් කර ඇති ඉල්ලීමට බලපා ඇති සාධක ගැන අපි තවදුරටත් සලකා බලන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එච්. එම්. තවුසර් මහතා ඊයේ (06 වැනිදා) පැවසීය. කිලෝ ග‍්‍රෑම් 12.5 ක් වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 359 කින් ඉහළ දමන ලෙසට ගෑස් බෙදාහරින සමාගම් දෙකක් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය.
මෙහිදී තවදුරටත් කතා කළ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ ද පැවසීය.

එක පාරටම ගෑස් මිල වැඩිකරන්න අපි තීරණයක් දෙන්නේ නැහැ. ඉස්සෙල්ලම ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධව සොයා බැලිය යුතු සාධක පෙළක් තියෙනවා. ඒ සාධක ගැන සලකා බැලීමෙන් පසුවයි ගෑස් මිල වැඩි කරනවාද නැද්ද තීරණය කරන්නේ. කොහොම වුණත් ලෝක වෙළෙඳපොළේ තියෙන තත්ත්වය අනුව ගෑස් මිල වැඩිවීමක් වෙන්නේ නැහැ.

වර්තමානයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (කිලෝ ග‍්‍රෑම් 12.5* මිල රුපියල් 1733 කි. එම මිල රුපියල් 359 කින් වැඩි කළහොත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2092 ක් දක්වා ඉහළ යනු ඇත.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka