gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිසරගේ වෑයම අපතේ යයි - ජය නවසීලන්තයට

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (05) සමත් වුණා. මෙම තරගයේදී සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ තිසර පෙරේරාගේ පිතිහරඹය පිළිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්වීම විශේෂත්වයක්.

තිසර පෙරේරා අද තරගයේදී පන්දු 74 කදී ලකුණු 140 ක් රැස් කළේ නවසීලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිතිප‍්‍රහාරයක් දියත් කරමින්.
තිසරගේ ඉනිමට ඇතුළත් වූ හයේ පහර සංඛ්‍යාව 13 ක්. මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදි කඩුළු 7 ක් දැවී ලකුණු 319 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 46 යි පන්දු 2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 298 ක් පමණයි. 

මිට පෙර නවසිලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් (140) වාර්තා කර සිටි සුපිරි ශ්‍රී ලාංකික පිතිකරු සනත් ජයසුරියගේ ලකුණු තත්ත්වය සම කිරීමටද තිසර පෙරේරා අද සමත් වුනා. ඊට අමතරව ශ්‍රී ලාංකික පිතිකරුවෙක් ඉනිමකදී රැස්කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට තිසර පෙරේරා සමත් වුනා. ඒ අද තරගයේදී හයේ පහර 13ක් එල්ල කරමින්. මිට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ සනත් ජයසුරියයි. ජයසුරිය එක්දින තරග ඉනිමකදී හයේ පහර 11ක් එල්ල කරමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

"තිසර පෙරේරා අද දිනයේ ක්‍රීඩා කලේ අදහාගත නොහැකි ඉනිමක් බවයි. ඔහු තරග දිනවන ක්‍රීඩකයෙක් යැයි මම නිතරම විශ්වාස කරනවා. ඒ වගේම අද ඔහු ඒ ආසන්නයට අපව කැඳවා ගෙන ආවා. කණ්ඩායමක් ලෙසට ඔහු ගැන අප සතුටු වනවා යැයි" තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka