gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"සේනා" ලංකාවට රිංගපු හැටි හෙළිවෙයි

මේ වනවිට දිවයින පුරා වසංගතයක් බවට පත්ව ඇති ‘සේනා දළඹුවා’ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018 වසරේ මෙරටට ගෙන්වූ බඩඉරිඟු බීජත් සමඟ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
බහු ජාතික සමාගම් තුනක් හරහා මෙරටට බඩඉරිඟු බීජ ගෙන්වනු ලබන අතර ඉන් එක් බහුජාතික සමාගමක් සිය ඒකාධිකාරිය ලබා ගැනීම සඳහා මෙම දළඹු බිත්තර සමඟ බඩඉරිඟු බීජ ගෙන්වා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම වසරේ බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 1200 ක් ගෙන්වා ඇති අතර එම අවස්ථාවේ මෙම දළඹු බිත්තර රෝග නිරෝධායන ඒකකයට හසුනොවීම පිළිබඳව බලධාරීන් සොයා බැලිය යුතු බවද එම ආරංචි මාර්ග පවසයි.

ගෙන්වන ලද එම බීජවල සාම්පල් පරීක්‍ෂා කිරීමට හැකියාව ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka