gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩෙංගු යළි හිස ඔසවන ලකුණු

පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ කාලීන ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

උතුරු පළාතේ පැවැති ගංවතුර පහව යාමත් සමඟ මදුරුවන් බෝවිය හැකි ජලය රැඳුනු ස්ථාන පරිසරයේ ඉතා සුලභව පවතින බැවින් මදුරුවන් බෝවීමේ අවදානම ද ඉහළ ගොස් ඇත.
මෙම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ජනවාරි 10 -11 දිනයන්හිදී බස්නාහිර පළාත, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන ලදි. ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කෙරුණි.එහිදී නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර 56,712ක් නිරීක්‍ෂණය කර ඇත.

එහිදී පරිශ්‍ර 13,060ක මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවධානම් ස්ථාන සහිත වී ඇත. යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල මෙම අගය සියයට 35ට වඩා ඉහළ අගයක පැවති බව සදහන් වේ.පරිශ්‍ර 881ක මදුරු කීටයන් සහිත ස්ථාන හමුවී ඇත.එසේම පෙර දත්ත හා සැසදීමේ දී පාසල් ආශ්‍රිතව මදුරුවන් බෝවීමේ අවදානම තරමක පහළ යාමක් පෙන්නුම් කරනු ලැබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනුයේ ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30ක් මේ පිළිබඳ විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙසය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka