gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රොෂාන් මහනාමගෙන් උතුම් මිනිසත්කමක් - (photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තීරක රොෂාන් මහනාම මහතා විසින් දුෂ්කර ගම්මානයක් වන වවුනියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ රොෂාන් මහනාම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් වෙත 2019 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් උපකරණ හා නිළ ඇදුම් ප්‍රදානය කිරීම ඊයේ (13) වෙහෙරතැන්න රොෂාන් මහනාම විද්‍යාලයේදී සිදුකරනු ලැබීය.

වෙහෙරතැන්න රොෂාන් මහනාම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් හා වෙහෙරතැන්න පියවර පෙර පාසලේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලු පාසල් උපකරණ හා නිළ ඇදුම් බෙදාදීම රොෂාන් මහනාම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

වෙහෙරතැන්න නැවත පදිංචි කළ ගම්මානයේ දරුවන් වෙනුවෙන් පාසලක් නොමැතිව තිබූ අවස්ථාවේ මීට වසර කිහිපයකට පෙර රොෂාන් මහනාම මහතා සිය ධන පරිත්‍යාගයෙන් විද්‍යාලයක් ඉදිකොට දරුවන් වෙත ප්‍රදානය කළ අතර,විද්‍යාලය එහිදි‍ රොෂාන් මහනාම විද්‍යාලය ලෙස නම් කරනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ වැඩසටහන සංවිධානය කොට තිබිණ.

රොෂාන් මහනාම මහතා මීට පෙරද වවුනියාව නැවත පදිංචි ගම්මාන වන වෙහෙරතැන්න ගම්මානය හා වවුනියාව බෝගස්වැව ගම්මානවල දරුවන්ගේ අධ්‍යපන කටයුතු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදුන්නේය.

වැඩසටහන් අවස්ථාව වෙනුවෙන් රොෂාන් මහනාම පදනමේ සාමාජිකයින්,වන්නි ආරක්ෂක සේනා 62 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ මහතා,වන්නි ආරක්ෂක සේනා උසස් නිලධාරීන්, රොෂාන් මහනාම විද්‍යාලයේ විදුහල්පති, පාසල් ගුරුවරුන්, පාසල් දරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka