gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වට්ටක්කා මිලදී ගන්න හැරිසන්ගෙන් කෝටියක් !

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා වට්ටක්කා කිලෝව රුපියල් 30 බැගින් ගොවීන්ගෙන් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 100ක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසයි.

අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ඊයේ (16දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
වට්ටක්කා මිල ශීඝ්‍රයෙන් පහළ යෑම නිසා වර්තමානයේ එම ගොවීන් අසරණ තත්ත්වයට ඇද වැටී ඇති බවත් එම හේතුව සලකා රජයේ මැදිහත් වීමක් ලෙස මෙම තීරණය ගත් බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.

මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනුවත් කර අවසන් බවත් එම පිරිස් හරහා එම මිලදී ගැනීම් සිදු කරන බවත් හෙතෙම කීය.

වට්ටක්කා ගොවීන්් බහුලවම සිටින්නේ අනුරාධපුර, කුරුණෑගල සහ මාතලේ ප්‍රදේශවල බවත් එම ගොවියා නඟාසිටුවීම සඳහා ශ්‍රී ලංකාව පුරාම මිලදී ගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka