gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගල්කුලම ඉන්ධන පිරවුම්හල ගින්නෙන් වැනසෙයි !

පෙට්රල් ලීටර් හයදහස් පන්සියයක් (6500) සහිත ඉන්ධන බවුසරයක් ගල්කුලම පිරවුම්හලේ භූගත ටැංකි සඳහා ඉන්ධන පොම්ප කරමින් තිබියදී හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් ඉන්ධන පිරවුම්හල මුළුමනින්ම දැවී විනාශයට පත් විය. එහෙත් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට අනුරාධපුර මහ නගර සභාවේ නාගරික ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ට හැකිවිය. ඊයේ (16දා) සවස 2.45ට පමණ හදිසි ගින්න හටගෙන තිබූ අතර ඒ හේතුවෙන් අනුරාධපුර ඛනිජ තෙල් තොග ගබඩාවේ සිට ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයද සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශයට පත්විය. ඉන්ධන පිරවුම්හලේ ඩීසල් හා පෙට්රල් නිකුත් කරන පොම්ප සියල්ලද විනාශයට පත් විය.
ඊට අමතරව ඉන්ධන පිරවුම්හලේ ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම දැවී විනාශයට පත් වී තිබූ අතර එහි තිබූ ගෑස් ටැංකි සියයකට ආසන්න ප්‍රමාණයක් අධික ගින්නට හසුවී පුපුරා ගොස් තිබිණි.

ඒ-9 ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි මෙම පිරවුම්හල තුළ ගින්නක් හටගෙන තිබෙන බව තිරප්පනේ පොලිසියට සැලවීමත් සමඟ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බී.එම්. දිසානායක මහතා ඇතුළු පිරිසක් පැමිණ ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක නිතර වුවත් ගින්න දැඩිව ව්‍යාප්ත වීම නිසා වහාම ගිනි නිවන ඒකකය කැඳවීමට පියවර ගනු ලැබීය. ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ බවුසරය පුපුරා යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත් අතර එහි හටගෙන තිබූ ගින්න විනාඩි දහයක් ඇතුළත මර්දනය කිරීමට සමත් විය. හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පැය තුනකට අධික කාලයක් ගිනි නිවන ඒකකයට ගත විය.

පිරවුම් හලේ භූගත ටැංකියට ඉන්ධන සපයමින් සිටියදී එක්වරම එම ටැංකිය තුළින් මතු වූ ගින්නක් සමඟ ඉන්ධන බවුසරයට ගිනි ඇවිළී ඇති බවට සැකකරන අතර වෙනත් හේතුවකින් ගින්න හටගත්තේද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය හා ඛනිජ තෙල් සංස්ථාව වෙන වෙනම පරීක්‍ෂණ පවත්වයි. බවුසරයේ තිබූ ඉන්ධන භූගත ටැංකියට පුරවමින් තිබියදී ටැංකිය තුළින් පැමිණි හදිසි ගිනි ජාලාවක් නිසා ගින්න ඇති වූ බව බවුසරයෙන් පිට සිට දිවි බේරාගත් එහි රියැදුරා පැවැසුවේය.

ගින්න හට ගැනීමත් සමඟ ඒ-9 ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල විය. ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවරගෙන තිබිණි. ගින්න හේතුවෙන් ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇතත් කිසිදු පුද්ගලයකුට ගින්නෙන් අනතුරක් සිදුවී නොතිබිණි. අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ස්ථානාධිපති එම්.එස්.එම්. සිරාජ් මහතා ඇතුළු ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පස්දෙනකු ගින්න මැඬපැවැත්වීමට පැමිණියහ. මිහින්තලය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී.ජේ. ගුණතිලක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ තිරප්පනේ පොලිසියේ නිලධාරීන්ගේ කාර්යයට සහාය දැක්වූහ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 211 වැනි බළ සේනාවේ නිලධාරීන් විශාල පිරිසක් ද සිද්ධියවූ ස්ථානයට පැමිණ ගින්න නිවීම සඳහා සහාය දැක්වූ අතර සිද්ධිය සැලවූ වහාම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කළමනාකාර ඒ.ජී.ජේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එහි පැමිණ සිටියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka