gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලූත් ආණ්ඩුකාරයා සදුදා උතුරේ සියළුම පාසැල් වහයි !

ලබන 15 (අගහරුවාදා) වනදාට යෙදී ඇති තෛපොන්ගල් දිනය නිමිත්තෙන් සඳුදා දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යලය විසින් නිවේදනය කෙට සිටියේය.

උතුරු පලාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පලාත් අධ්‍යාපන ලේකම් ඇතුලු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන ඇත.
දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන තෛපොන්ගල් දිනය සැමරීමට සූදානම් වීම වෙනුවෙන් උතුරේ පාසල් වෙතට තෛපොන්ගල් දිනට පෙර දිනය නිවාඩු දිනයක් ලෙසට නම් කොට ඇති අතර නිවාඩු දෙන සඳුදා දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පලාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී ඇත.

දෙමළ ජනතාව විසින් තෛපොන්ගල් දිනය වසරේ ආරම්භක දිනය වශයෙන්ද හඳුන්වනු ලබයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka