gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෛපොංගල් දේව පූජාවට පැන්න කුඩුකාරයින් ඉවක් බවක් නැතිව පහර දෙති

යාපනයේ වන්නාර්පන්නෙයි ප‍්‍රදේශයේ පිහිටි නාච්චිමලර් කෝවිලේ ඊයේ (15) උදෑසන තෛපොංගල් දේව පූජාවට සහභාගී වී සිටි පිරිසකට කඩු අතින් ගත් තරුණයින් පිරිසක් ඉවක් බවක් නොමැතිව පහර දී තිබේ.

 මේ අවස්ථාවේදී කෝවිලට රැස්ව සිටි පිරිස බියට පත්ව හිස් ලූ ලූ අත දිව යන්නට පටන් ගෙන ඇත.
මෙම කඩු ප‍්‍රහාරය වැළැක්වීමට ඉදිරිපත් වූ තරුණයකු කඩුගත් පිරිස විසින් කපා දමා පලාගොස් තිබේ.  නාච්චිමලර් කෝවිලේ පිරිසක් වහාම ගිලන් රථයක් කැ`දවා තුවාල ලත් තරුණයා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

කඩු කාරයන් ඉවක් බවක් නොමැතිව පහර දී ඇත්තේ යතුරු පැදි පහකින් පමණ පැමිණ බව සිද්ධිය දුටුවෝ කියා සිටිති.  කඩුකාරයින්ට බියේ පලාගිය පිරිස හෙල්මට් යතුරු පැදි හා සෙරෙප්පු කෝවිල තුළ දමා නිවෙස්වලටම දුව ගොස් පසුව පැමිණ ඒවා රැගෙන ගොස් තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka