gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ව්‍යාපාරිකයා පැහැරගෙන ගිය මෝටර් රථය අධිවේගයේදී කොටු වුන හැටි !

අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු මෝටර් රථයක දමාගෙන පැහැර ගෙන යමින් සිටියදී එම ව්‍යාපාරිකයා බේරා ගැනීමට දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොලේ නිලධාරින්  සමත් වී තිබෙනවා. ඊයේ  (15) දහවල් අහංගම දෙස සිට පැමිණි මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමෙන් කොළඹ දෙසට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ ඉමදුව පොලිස් මුරපොලේ රාජකාරියේ යෙදී සිටි  නිළධාරීන්ට මෙම ව්‍යාපාරිකයා බේරාගැනීමට හැකි වී තිබෙනවා.
අදාළ සැක සහිත මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී මෙම ව්‍යාපාරිකයා පැහැර  ගෙන යමින් සිටින බව අනාවරණයවීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා සහ  මෝටර් රථය අත්අඩංගුවට ගෙන ව්‍යාපාරිකයා නිදහස් කරගෙන ඇති අතර අත්අඩංගුවට ගත්  පුද්ගලයින් තිදෙනා හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් මෙම ව්‍යාපාරිකයා පැහැර ගෙන යෑමට හේතුව හෙලිවී නොමැති අතර සැකකරුවන් තිදෙනා සහ මෝටර් රථයද වැඩිදුර පරික්ෂණ සදහා අහංගම පොලිසිය වෙත බාරදී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka