gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චිත්‍රපට ලොක්කා පුටුව අත්හැරි හේතුව ඇමති !

සුනිල් සිරිසේන මහතා චිත්‍රපට සංස්ථාවේ ලොකු පුටුව අත්හැර ගොස් ඇත්තේ අමාත්‍යවරයකු විසින් ඔහුට බැණවැදීම නිසා බව වාර්තා වේ.

සිද්ධිය සැකවින් මෙසේය.
ඊ.ඒ.පී. සමාගම විසින් මෑතකදී හින්දි චිත්‍රපටයක් ගෙන්වා තිබේ. එම හින්දි චිත්‍රපටයේ දෙමළ පිටපතද ඔවුන් ඒ සමඟම ගෙන්වා ඇත. හින්දි පිටපත පෙන්වීමට අවසර ගත් ඊ.ඒ.පී. සමාගම එහි දෙමළ පිටපත අවසරයකින් තොරව පෙන්වා තිබේ. එම සමාගම අදාළ චිත්‍රපටයේ දෙමළ පිටපත පෙන්වමින් තිබියදී එහි කඩාවැණු චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් එය අතටම අල්ලාගෙන පසුව ඒ සඳහා නීතිමය පියවර ගෙන ඇත. ඒ අනුව ඊ.ඒ.පී. සමාගමට රුපියල් ලක්ෂ 5ක දඩයක් චිත්‍රපට සංස්ථාව නියම කර තිබේ.

මේ දඩය නොගෙවා සිටීමට කථිකා කර ගැනීමට පසුගිය අඟහරුවාදා ඊ.ඒ.පී. සමාගමේ ප්‍රධානීන් චිත්‍රපට සංස්ථාවේ එවකට සිටි සභාපති සුනිල් සිරිසේන මහතා හමුවී ඇති අතර සිරිසේන මහතා ඒ සඳහා එකඟවී නොමැති අතර ඔහු ඊ.ඒ.පී. යට අදාළ දඩය ගෙවන ලෙස නියම කර ඇත.

පසුව, ඔහුට අමාත්‍යවරයකු දුරකථන ඇමතුමක් ලබාදී තිබේ. ඔහු පවසා ඇත්තේ "ඔහෙව දැම්මෙ මම මට ඕනෙ වැඩේ කරන්න බැරිනම් ඔහෙට ඔතන ඉන්න බෑ" යනුවෙන් තර්ජනය කර තිබේ. මේ තර්ජනය හමුවේ පසුදිනම සිය ඉල්ලා අස්වීම ලබාදෙමින් සුනිල් මහතා චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුව හැරගොස් ඇත.

කෙසේවුවද, මේ විස්තර සම්බන්ධයෙන් පසුව සුනිල් මහතා සංස්කෘතික අමාත්‍යංශයට ද ගොස් තොරතුරු අනාවරණය කර ඇති බව වාර්තා වේ.

අදාළ අමාත්‍යවරයා ඉන් පසුව ද චිත්‍රපට සංස්ථාවේ නීති නිලධාරියාට ද එම දඩය ඉවත් කරන ලෙසට තර්ජනය කර ඇති බව පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka