gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේනා පාලනයට ක්ෂුද්‍රජීවින් සොයා පරීක්ෂණ

දේශීය භෝග වගා කිහිපයකට දැඩි ලෙස හානි කරමින් ප්‍රදේශ ගණනාවක පැතිර යන සේනා දළඹු උවදුර පාලනය කිරීමට ක්ෂුද්‍ර ජීවින් යොදා ගැනීම සම්බන්ධයෙන් උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මේ වන විට පර්යේෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව මෙම දළඹුවන් විනාශ කරන විවිධ ක්ෂුද්‍ර ජීවින් බෝ කර නිදහස් කිරීම මෙමගින් සිදුවනු ඇත.

සේනා දළඹු විශේෂයෙන් වැඩි බලපෑම් එල්ල කර ඇත්තේ බඩ ඉරිඟු හා වී ශාකවලටය.

එම නිසා බඩ ඉරිඟු වගා කරනු ලබන ගොවීන් මෙන්ම බඩ ඉරිඟු අලෙවි කරන පුද්ගලයින්ද මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ අතර මෙම දළඹුවා පාලනය කිරීම සඳහා මේ වන විට විවිධ උපක්‍රම සොයාගෙන ඇති බව ද උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්එ.ස්. වැලිගමගේ මහතා සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

"මේ සේනා දළඹුවා ලංකාවෙන් වාර්තා වෙලා මේ වන විට මාස තුනක් හතරක් පමණ ගත වෙලා තියෙනවා. මේ දළඹුවා ප්‍රධාන වශයෙන් හානි කරන්නේ තෘණ කුලයේ ශාකවලටයි. විශේෂයෙන් බඩ ඉරිඟු සහ වී වැනි ශාකවලටයි. එපමණක් නොව වෙනත් බෝග වර්ග සියයකට පමණ හානි කරන්න මේ දළඹුවාට හැකියාව තිබෙනවා. එපමණක් නොව විශේෂයෙන් සැඟව සිට ආහාර ගනිමින් ශාකය විනාශ කිරීමේ හැකියාව මේ දළඹුවාට තිබෙනවා.මේ දළඹුවා විනාශ කිරීම සඳහා උපයෝගී කරගත හැකි සියලු උපක්‍රම උපයෝගී කර ගත යුතුයි."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka