gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වේදනා නාශක බොමින් වේදනා දෙන්න ආ අයෙක් !

වවුනියාව,පුලියන්කුලම,පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලිසිය දැක දමාගිය බෑගයක තිබී අත්බෝම්බ හතරක්,නවීන පිස්තෝලයක්,පිස්තෝල උණ්ඩ තොගයක් ඊයේ (01) රාත්‍රියේදී සොයාගෙන ඇති බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි.
පුලියන්කුලම,පුදූර් නාගතම්පිරාන් කෝවිල මාර්ගයේ නාදුනන පුද්ගලයෙකු බෑගයක් රැගෙන ගමන් කරන බවට ලද තොරතුරක් මත පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පරීක්ෂා කිරීමක් සිදුකිරීමට යාමේදී අදාළ සැකකරු බෑගය දමා කැළෑවට පැන පළාගොස් ඇත.

සොයාගත් අත්බෝම්බ එල් ටී ටී ඊ සංවිධානය නිෂ්පාදිත වර්ග‍යේ අත්බෝම්බ වන බවද පොලිසිය මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය‍ කොටගෙන ඇති අතර, සොයාගත් පිස්තෝලය හා පතුරම් ඉතා නවීණ තත්ත්ව‍යේ පවතින බවද ආරක්ෂක අංශ පැවසූහ.

සැකකරුගේ ගමන්මල්ල තුළ වේදනා නාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්, දත් බෙහෙත් හා සරම් කිහිපයක් තිබි ඇති බවද ආරක්ෂක අංශ පැවසීය.

සැකකරු සොයා පුලියන්කුලම පොලිස් නිලධාරීන්, පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන් පරීක්ෂණයක් පවත්වයි.

පූදුර් ප්‍රදේශය ආශ්‍රිත කැළෑව තුළ පැරණි එල් ටී ටී ඊ කඳවුරු පැවති බව ආරක්ෂක අංශ පවසති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka