නෝටන්බ්‍රිජ් පෙලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වලක ස්නානය කරමින් සිටි විදේශිකයකු පමණ වලට වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (01) පස්වරු 02.00 ට පමණ මෙසේ මිය ගොස් ඇත්තේ, ඕල්ඩිපුපෝ ඉයයිපෙමි ඔසුන්නිය (OLDIPUPO EYIPEMI OSHUNNIYA)නැමති 29 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික අවිවාහක තරුණයෙකි.
මිය ගිය අය තම විදේශීය මිතුරන් කිහිපදෙනෙකු සමඟ නොටන්බ්‍රිජ්, තෙබර්ටන් "සමන්එළිය" වත්තේ සංචාරක ලැගුම්හලක නවාතැන් ගෙන ඇත.
විදේශීය මිතුරන් සමඟ ඊයේ දහවල් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි මෙම ගැඹුරු දිය වලේ ස්නානය කිරීමට ගිය අවස්ථාවේදී මෙසේ වැටී මිය ගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
මිය ගිය අයගේ මළ සිරුර දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.
ලක්ෂපාන පාමුලදී බ්‍රිතාන්‍ය ජාතිකයා මියයයි
2019-01-02T13:41:00+05:30
Gossip Lanka Hot News