gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මලින්ද ඉනිමක කඩුලු 10ම ගෙන වාර්තාවක් පිහිටුවයි

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට  හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්විය.

කොළඹ කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් සැරසන් කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කඩුලු 10 ම ලකුණු 37කට දවා ගැනීමට මලින්ද සමත්විය.
නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කළ මලින්ද අඛණ්ඩව පන්දුවාර 18.4ක් යොමුකරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.. ඉනිමක් තුළ මීට පෙරදී ශ්‍රි ලංකාව වෙනුවෙන් 1991 වසරේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙම දක්ෂතාව දක්වා තිබුනි ඔහු සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් කලුත කණ්ඩායමට එරෙහිව ලකුණු 41ට කඩලු 10ක් දවාගෙන තිබුණි.

එසේම මලින්ද මෙම තරගයේදී පළමු පෙළ කඩුලු 700 සීමාව ඉක්මවා යෑමටත් සමත්ව ඇත. තරගයෙන් ලකුණු 236ක ජයක් කොළඹ කණ්ඩායමට හිමිවිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka