gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති අගමැති කාර්යාලයට වරද පටවයි

ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බවත් එය වැරදි මතයක් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු බවත් අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බවත් ජනපතිවරයා සඳහන් කරයි.

ඊයේ (13දා) ජනපති කාර්යාලයේ  පැවැති හමුවකදී මේ අදහස් දැක්වූ ජනපතිවරයා ඒ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බවද  සඳහන් කළේය.

කෙසේ වෙතත් සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව හරහා අනිවාර්යයෙන් එම කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka