gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවි සමඟ තවත් එල් ටී ටී ඊ සාමාජිකයෙකු අත්අඩංගුවට

තුවක්කු දෙකක් හා පතුරම් තොගයක් සමඟ පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.

ආරක්ෂක අංශ පැවසූවේ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පලෙයි කරන්තායි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු සතුව තිබී තුවක්කු දෙකක් හා පතුරම් 150 කට ආසන්න ප්‍රමාණයක්,තවත් ආයුධ තොගයක් ‍අත්අඩංගුවට ගෙන ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කරති.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති බවද ආරක්ෂක අංශ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka