gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැඳවියන්ට පහර දීම ගැන මානව හිමිකම් එකෙන් පරීක්ෂණයක්

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාරය වෙත ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර අදාල රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පැවසේ.
මානව හිමිකම් කොමිශන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

රැඳවියන් පරික්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකරන ලෙසද පහරකෑමට ලක්වූ සිරකරුවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදෙන ලෙසද මානව හිමිකම් කොමිශන් සභාව ඉල්ලිමක් කර ඇති බව වාර්තා වේ.

1994 නොවැම්බර් 22 දරන මානුෂිය හිංසාවන්ට එරෙහිව ඇති පනත යටතේ අදාල පරීක්ෂණ ක්‍රීයාත්මක වන අතර පරීක්ෂණ අවසන් වූ පසු ඊට අදාල නිර්දේශයන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka