gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ICC සමාව ගැන මාලිංග දෙගිඩියාවෙන් !

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් දූෂණ සම්බන්ධව සති දෙකක් ඇතුළත හෙළිදරව් කරන ඕනෑම පුද්ගලයකු ආරක්ෂා කරන බවත් අදාළ පුද්ගලයන්ට සමාව ලබාදෙන බව පැවසීම ශ‍්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංගට ප‍්‍රශ්නයක් මතුවී තිබේ.
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කාර්යාලයක් ශ‍්‍රී ලංකාවේදී පිහිටුවීමට පසුගියදා කටයුතු කළ අතර ඒ අනුව දින 15 ක් ඇතුළත අදාළ දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට සහන කාලයක් ලබාදී තිබේ. එම සහන කාලය ලබන 31 වැනිදායින් අවසන් වේ.

 සාමාන්‍යයෙන් දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට ජාත්‍යන්තර ක‍්‍රිකට් නීතිය අනුව වසර පහක තරග තහනමක් පනවනු ලැබේ. නමුත් මෙම සහන කාලය තුළදී දූෂණ කළ ඕනෑම පුද්ගලයකුට සමාව දීම සම්බන්ධයෙන් මාලිංග අසතුටට පත්ව ඇති බව වාර්තා වේ.

 ’වැරදිකරුවන්ට සමාව දීම කරන්නෙ ඇයි දැයි මම දන්නේ නැහැ. මහජනතාව වැරදිකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් ලබා ගනියි.’ යන්න මාලිංගගේ අදහස වී තිබේ. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් මෙවැනි සමාවක් ලබාදීමට කරුණු විමසන පළමු අවස්ථාව මෙය වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka