gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට එරෙහිව නඩුව අද විශේෂ මහාධිකරණයේ

හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 34කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද (3දා) යළි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ හමුවේ කැඳවීමට නියමිතය.
සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව කැඳවීමට නියමිතය.

මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් ලබා දිය යුතු ලේඛන විත්ති පාර්ශ්වය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම නඩුව අද දින කැඳවීමට නියමිතය.

ඉන් අනතුරුව නඩුව දිනපතා විභාගයට ගන්නා දිනය අධිකරණය විසින් තීරණය කිරීමට නියමිතය.

මෙම චෝදනාව මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකු විශේෂ මහාධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටින අතර ඔවුන්ගේ විදේශ ගමන්ද අධිකරණය මඟින් තහනම් කර තිබේ.

ඉකුත් රජය සමයේ හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka