gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංවිධානාත්මක අපරාධකරුවන් බූස්සේ රඳවන්න යයි !

දැනට දිවයින පුරා බන්ධනාගාර තුල රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුනාගෙන ඇති සියලු රැඳවියන් ඉදිරි සති කිහිපය තුල බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ තීරණය ගෙන ඇත්තේ මත්කුඩු ජාවාරම් ඇතුලු ප්‍රබල අපරාධ රැසක් බන්ධනාගාර තුල සිටින ඇතැම් රැඳවියන් විසින් මෙහෙයවන බවට කරුණු අනාවරණය වීම හේතුවෙනි.
ජනාධිපතිවරයා සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බව පැවසේ.

බූස්ස බන්ධනාගාරය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින ත්‍රස්ත විමර්ශණ ඒකකයට පවරා තිබේ.

එබැවින් එය යලිත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම සදහා ආරක්ෂක අමාත්‍යංශය සමග මේ වන විට සාකච්ඡා ක්‍රියාත්මක බවද මේ අතර වාර්තා වේ.

එම සාකච්ඡා අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මීට අදාල අවසන් තීරණය ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka