gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යවේදීන් තිදෙනෙක් බැඳුම්කර වාර්තාව ඉල්ලා තොරතුරු ඉල්ලිමක් ගොනුකරයි

මාධ්‍යවේදීන් තිදෙනෙක් වන  මධුක තක්සල, සංජය ලියනගේ සහ විමුක්ති දුෂාන්ත විසින් 'බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව' සහ එම වාර්තාවේ ඉදිරිපත් කළ අවසන් නිර්දේශ ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ප්‍රකාරව තොරතුරු ඉල්ලිමක් ගොනුකර තිබේ. ඒ පසුගිය දා (01) කොළඹ  ගාලු මුවදොර, පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය  වෙත යි.
ඔවුන් විසින් ඉල්ලා ඇති තොරතුරු පහතින්,

01. බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව.
02. බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඉදිරිපත් කළ අවසන් නිර්දේශය.
03. බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තා වේ 'රහස්‍ය ලේඛණ' නමින් කිසියම් පරිච්ඡේද ප්‍රමාණයක් ජනාධිපති කාර්යාලය සතුව තබා ගැනීමට හේතුව? එය ප්‍රසිද්ධ ලේඛනයක් නොකිරීමට හේතුව?
04. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් අදාල රහස්‍ය ලේඛන කියවූ බවට ප්‍රකාශ සිදු කර ඇත. ඒ පදනමෙන් සාමාන්‍ය පුරවැසියන් ලෙස අප හටද ඒ අවස්ථාව හිමිවිය යුතුව ඇත.
  (i). රජිත් කීර්ති තෙන්නකෝන් වෙත එම රහස්‍ය ලේඛණ කියවීමට ලබා දුන්නාද?
 (ii). එම ලේඛණ ඔහුට පමණක් ලබාදීමට විශේෂත්වයක් තිබේද?
 (iii). මෙම රහස්‍ය ලේඛණ වල ඇතුළත් කරුණු පිළිබදව ජනාධිපති සිරිසේනද විවිධ අවස්ථාවලදී ප්‍රකාශ නිකුත් කර ඇති බැවින් එය තවදුරටත් මහජනයා වෙතින් දුරස් කර තැබීම ගැටලු සහගතය. එබැවින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධ මෙම ගනුදෙනුව සම්බන්ධව දැනුවත්වීම පුරවැසි අයිතිවාසිකමකි. ඒ පදනමින් එම ලේඛණ වල අවශ්‍යතාව මතුව තිබෙන බව ඔවුන් සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka