gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කලාකරයෝ හා මාධ්‍යවේදීන්ගේ නිදහස් ගමන් බලපත්‍ර අවලංගු කරලා

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි විසින් මාධ්‍යවේදීන්ට සහ කළාකරුවන්ට බස් රථවල නොමිලයේ ගමන් කිරීමට ලබා දී තිබූ නිදහස් ගමන් බලපත්‍රය ලබන පෙබරවාරි පළමුවැනිදා සිට අවලංගු කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.
නිදහස් ගමන් බලපත්‍ර හේතුවෙන් පුද්ගලික බස් රථ හිමියන්ට දිනකට රුපියල් ලක්ෂ පහකට ආසන්න පාඩුවක් සිදුවීම එය අවලංගු කිරීමට හේතුව ලෙස ගැමුණු මහතා පෙන්වාදෙයි.

කෙසේවෙතත් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරිය ලබාදී ඇති නිදහස් ගමන් බලපත්‍ර මේ යටතේ අවලංගු නොවන බවද ගැමුණු විජේරත්න මහතා අවධාරණය කර සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2010 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරනයට ගොස් නිදහස් ගමන් බලපත්‍ර ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කළ බවත්, එහිදී ඒවා නිකුත් නොකරණ ලෙසට නඩු තින්දුවක් ලැබුණද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එම නියෝගය නොතකා මේ දක්වාම එය නිකුත් කිරීම සිදු කළ බවයි.

බස් කර්මාන්තය බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බව පවසන හෙතෙම මේවන විට දිනකට බස් මගීන් 1500ක් බස් රථවල ගමන් යාමෙන් ඉවත්වන බවද කියා සිටී.

මේ බලපත්‍ර දකුණු පළාතේ ප්‍රවාහන අධිකාරියේ සේවකයින්ට නිදහස් ගමන් බලපත්‍ර ලබාදීමක් සිදු කර නොමැති බවත්, එසේම එය මාධ්‍යවේදීන් වෙනුවෙන්ද නිකුත්කර ඇත්තේ සීමා සහිත බලපත්‍ර ප්‍රමාණයක් නිසා දකුණු පළාත තුළ මෙම නිදහස් ගමන් බලපතු භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙන බවද ඒ මහතා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka