පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවීන් විසින් භාවිතා කළ වල්නාශක හේතුවෙන් තම කුඹුරු අක්කර 500කට වැඩි ප‍්‍රමාණයක් විනාශ වීම නිසා ඒ පිළිබද ගොවිජන සේවා හෝ කෘෂිකර්ම දෙපාර්මේන්තුව මෙතෙක් කිසිදු සොයා බැලීමක් නොකර සිටිම නිසා ගොවින් පිරිසක් ඊයේ (10) පොළුගස්දමන ගොවිජන සේවා කාර්යාලය වටලා ඒ සඳහා බලධාරින්ට වහා මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටිහ.
මෙවර මාස්කන්නය ආරම්භ වීමත් සමඟ පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවීන් විසින් එක්තරා සමාගමක් විසින් වෙළෙඳපොලේ අලෙවි කිරීම සඳහා තිබූ වල් නාශකයක් භාවිතා කිරීම නිසා ගොයම්ගස් විනාශ වී වල්ගස් සරුවට වැඩී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොළොන්නරුව වැවේ තැන්නේ පදිංචි ප‍්‍රසන්න දේවසිංහ මහතා
"වෙනදා වාගේම වපුරලා මං වල් නාශකයක් ගන්න කඩේට ගියා. ඒකේ අලුත් වල්නාශයක් තියෙනවා කියලා මුදලාලි කිව්වා. එක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි දන්න කොමිපැණි එකක්. ඒ නිසා අරන් ගිහින් කුඹුරට ගැහුවා. අනේ දවස් කිපයක් යනකොට වල් මැරුණෙත් නෑ. වල් ටික හොදට නැඟලා ආවා. ගොයම් ගස් නිකං ළූණු ගස් වාගේ වුණා. මේ ගැන කිව්වාට කවුරුත් ගණන් ගන්නේ නෑ. දැන් අතේ සල්ලිත් නෑ. වැඩකරපු කුඹුරෙන් වැඩකුත් නෑ".
ජේ .ඒ .එන් රවින්ද්‍ර මහතා
"මම ගිය කන්නෙත් වල් නාශක ගැහුවා. හැබැයි හොඳට වල් මැරුණා. මේ කන්නේ ඒකෙ අනෙක් පැත්ත වුණේ. දැන් ගොයමට මාස එකහමාරක් විතර වුණා. තාම සතියක ගොයමක් වාගේ. දැන් හරිනම් බණ්ඩි පොහොර ගහන වයස. නමුත් දැන් මොනවා කළත් ගොඩගන්න බෑ. අපි අහන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනුමත කළාට පස්සසේ නේද තෙල් පොහොර වෙළෙඳපොළට දාන්න අවසර දෙන්නේ? ඉතින් එහෙනම් ඇයි දැන් මෙහෙම දෙයක් වුණාම වගකීම කවුරුත් ගන්නේ නැත්තේ?"
"මේ පිළිබඳව වල්නාශක ගත්ත කඩේට ගිහින් කිව්වම මුදලාලි කිව්වා කොම්පැණියට කියලා බලන්නම් කියලා. මේ පිළිබඳව අපේ කෘෂි නිලධාරි මහත්තයාට කිව්වා. මේ වෙනකල් සොයා බැලීමක් කරලා නෑ. දැන් අතේ තිබුණ මුදල් කුඹුරට වියදම් කරලා ඉවරයි. ආදායමක් ගන්නත් නෑ. අවසානයේ සිදු වෙනනේ පවුලේ සියලු දෙනාට වහ කාලා මැරෙන්න".
පොළොන්නරුව පළුගස්දමන ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය සංවර්ධන නිලධාරි යූ. ජී සී ජී උඩගම මහතා
"මෙම සිද්ධිය සම්බන්ධයෙන් මට ලිඛිත හෝ වාචිකව දැනුම් දීලා නෑ. නමුත් දැන් මේ පිරිස පැමිණ දැනුම් දීමක් සිදු කළා. ගොවි සංවිධාන නියෝජිතයෝ මගින් මෙම උවදුරට ලක් වූ සියලු ගොවීන් එක්කොට ඊට ආදාළ පාර්ශවයන්ද එක්කොට සාකච්ඡා කර එකඟතාවයකට එනවා. ගොවින්ට අසාධාරණයක් සිදු නොවෙන්න කටයුතු කරනවා" යැයි කීය.
ඩබ්. ඒ. පියතිලක
පොළොන්නරුව වැවේ තැන්නේ පදිංචි ප‍්‍රසන්න දේවසිංහ මහතා
ජේ .ඒ .එන් රවින්ද්‍ර
පොළොන්නරුව පළුගස්දමන ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය සංවර්ධන නිලධාරි යූ. ජී සී ජී උඩගම මහතා
වල් වවලා ගොයම් මරණ වල් නාශකේ නිසා පොළොන්නරුව උණුසුම් - (photos)
2019-01-11T16:35:00+05:30
Gossip Lanka Hot News
slide|