gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

20යි විස්සේ ජයත් කිවියන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ඕක්ලන්ඩ්හිදී පැවැති විස්සයි 20 තරගයෙන් ලකුණු 35 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද ( 11) සමත් විය.

ලකුණු 180 ඉලක්කය හමා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.5 කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 144 ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ එකම ලකුණු ලාභියා බවට පත්වූ තිසර පෙරේරා පන්දු 24 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 43 ක් රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී ලොගී ෆර්ගිවුසන් ලකුණු 21 කට කඩුලු 3 ක් සහ ඉෂ් සෝධි ලකුණු 30 කට කඩුලු 3 බැගින් බිඳ හෙලුහ.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 179 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු 26 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගින් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ඩග් බ්‍රේස්වෙල් කඩා වැටී තිබූ නවසීලන්ත ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබුවේය.

පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 44 කට කඩුලු 3 ක් සහ ලසිත් මාලිංග ලකුණු 24 කට කඩුලු 2 ක් බිද හෙලීය .
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka