gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහවැලියට කුණු කිරි දමන යෝගට් කොම්පැනිය - (video)

කොටගල ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශයේ යෝගට් සහ චීස් නිෂ්පාදනාගාරයේ ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය මහවැලි ගඟට මුදා හැරීම නිසා විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසින් පවසයි.

බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික යෝගට් සහ චිස් නිෂ්පාදනාගාරයෙන් ප්‍රදේශයේ කිරි ගොවියන්ගෙන් සහ පෞද්ගිලක සත්ත්ව ගොවිපොලවලින් මිල දී ගන්නා දියර කිරිවලින් දිනපතා විශාල වශයෙන් යෝගට් සහ චිස් නිෂ්පාදනය කරන බව ප්‍රදේශවාසින් පවසයි.

යෝගට් සහ චිස් නිෂ්පාදනය කිරීමේදි ඉන් ඉවත ලන කිරි සහිත අපද්‍රව්‍යය කිසිදු පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් එම කර්මාන්ත ශාලාවේ බලධාරින් විසින් සෘජුවම මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන කොත්මලාඔයට බෝගහවත්ත ප්‍රදේශයේ සිට කර්මාන්ත ශාලව අසලින් බෝගහවත්ත ඇළට දිනපතා මුදා හරින බව ප්‍රදේශවාසින් පවසයි.

බෝගහවත්ත ප්‍රදේශයේ සිට කොත්මලාඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගය දෙපස වතු නිවාස ගණනාවක් පිහිටා ඇති අතර, ප්‍රදේශවාසින් කියා සිටින්නේ මෙසේ අපද්‍රව්‍යය ඇළ මාර්ගයට මුදා හැරීම නිසා ප්‍රදේශයේ දැඩි දුගන්ධයක් මෙන්ම විශාල පරිසර හානියක් සහ එම ඇළ මාර්ගයේ විශාල පණුවන් බෝවී තිබිම නිසා එම ඇළ මාර්ගයේ ජලය පරිහරණය කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

නමක් නැති බඩු

එම සමාගම මෙසේ නිෂ්පාදනය කරනු ලබන යෝගට් හා චීස් ඔවුන්ගේම වන වෙළෙඳ නමායක් යටතේ වෙළෙඳ පොළට නිකුත් නොකරන බවත්, අදාළ නිෂ්පාදන වෙනත් වෙළෙඳ නාමයන් යටතේ වෙළෙඳ පොළට සපයනු ලබන ආයතන සඳහා ලබාදීම සිදුකරන බවත් පැවසේ.

නොයෙක් වෙළඳ නාමයන් යටතේ වෙළඳ පොළේ පවතින යෝගට් හා චීස් මෙම ආයතනයේ නිෂ්පාදනයන් බවද පැවසේ.

රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka