gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තහනම නොතැකූ චීනාගේ ඩ්‍රෝන කැමරාව රාජසන්තකයි

හෝර්ටන්තැන්න (ලෝකාන්තය) ජාතික වනෝද්‍යානය තුළ පසුගියදා අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් භාවිතා කළ චීන ජාතිකයකුට රුපියල් 30000 ක දඩ මුදලක් ගෙවීමට නියම වී ඇත.

මෙම පුද්ගලයා නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඩ මුදල ගෙවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඩ්‍රෝන කැමරාව රාජසන්තක කිරීමට ද නියෝග කළේය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන මුවන් ගෝනුන් වැනි සතුන් මෙවන් උපකරණවලින් නිකුත් වන සියුම් ශබ්දවලට පවා බිය වී දිව යන අතර තුර ඇද වැටී තුවාල සිදු වන බවත් ඇතැම් සතුන් මරණයට පත්ව ඇති නිසා උන්ට හිංසා වන අයුරින් කටයුතු නොකරන ලෙසත් සංචාරකයින්ට උපදෙස් ලබා දී තිබේ.

එම උපදෙස් නොතකා කටයුතු කරන සංචාරකයින්ට විරුද්ධව තදින් ක්‍රියාකරන බව වනෝද්‍යාන භාරකාර පී.කේ.පී.එම්.ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka