gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොර පාසල් 214ක් : ලියාපදිංචි ජාත්‍යන්තර පාසල් 80ක් විතරයි

නීත්‍යානුකූල නොවන අයුරින් ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් 214 කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව සකසා ඇති 2017 විගණන වාර්තාවෙන් අනාවරණය වේ.

1961 අංක 8 දරණ උපකෘත පාඨශාලා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වන වගන්තිය අනුව අවුරුදු 05 -14 වයස් සීමාවල පසුවන ළමයින්ට අධ්‍යාපනය ලබාදීම සඳහා කිසිදු පුද්ගලයකු විසින් පෞද්ගලික පාසල් ආරම්භ කළ නොහැකි වුවද ඊට අනුකූල නොවන අයුරින් මෙම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් ආරම්භ කර තිබෙන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එම පාසල්වල මානව හා භෞතික සම්පත්වල ගුණාත්මකභාවය තක්සේරු කිරීම හා විෂයමාලා ක්‍රියාත්මක කිරීමේදී, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ, ඒවා ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය හා නියාමනය සඳහා විධිමත් ප්‍රතිපත්තියක් මෙන්ම ප්‍රමිතියක්, අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බව ද වාර්තාවෙන් අවධාරණය කර තිබේ.

එසේ වුවද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණු අතර තිබෙන බවද එහි දැක්වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ හත ජාත්‍යන්තර පාසල්වලට අමතරව රටපුරා අරඹා තිබූ ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් පිලිබදව විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බවය.

අමාත්‍යංශයේ ලියාපදිංචි කර ඇත්තේ රජයේ ප්‍රතිපත්ති වලට එකඟව පවත්වාගෙන යනු ලබන පෞද්ගලික පාසල් අසූවක් පමණක් බවද විගණන වාර්තාව හෙළි කර තිබේ.

පනතේ විධිවිධාන අනුව එලෙස පාසල් ඇති කිරීමට අවසර නැතත්, එසේ පාසල් ඇති කිරීම මෙන්ම එම පාසල්වල දරුවන්ට මව් රටේ ඉතිහාසය, සංස්කෘතිය, භාෂාව හා සාරධර්ම පිළිබඳ ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ හිමිකම ආරක්ෂා වන්නේ ද යන්න විගණනයේදී ප්‍රශ්න සහගත වී ඇත.

ජාත්‍යන්තර පාසල් යනු සමාගම් ?


ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ නිර්මාතෘ මොහාන් ලාල් ග්‍රේරු ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් පළමුව ආරම්භ කරන ලද්දේ ආයෝජන පනත යටතේ 1978 බවත්, මේ වන විට ජාත්‍යන්තර පාසල් ක්‍රියාත්මක වන්නේ එම ආයෝජන පනත යටතේ සමාගම් වශයෙන් බවත්ය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ කළ විමසීමකදී ඒ මහතා පවසා ඇත්තේ ධ්‍යාපන උපකාරක ආයතන ලෙස ආරම්භ කරන ලද පෞද්ගලික පාසල් නීත්‍යානුකූල නොවන බවයි.

පෞද්ගලික පාසල් නියාමනය හොර ඒවා නිල කිරීමට ද ?

එසේම රජය පෞද්ගලික පාසල් නියාමනය කිරීම යනුවෙන් උත්සාහ ගන්නේ එසේ නීත්‍යානුකූල නොවන පෞද්ගලික පාසල් නීත්‍යානුකූල කිරීමට බවට ද ස්ටාලින් මහතා චෝදනාකර සිටී.

සිය සංගමය ඒක සම්පූර්ණයෙන් විරුද්ධ බව පවසා ඇති හෙතෙම මේ වන විට රජය විසින් ගුරු පුහුණුවීම් පවා පෞද්ගලික අංශයට පැවරීමට කටයුතු කරමින් සිටින බවටද චෝදනා කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka