gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

 ඒ අනුව ඊළඟ සභා වාරය යෙදෙන ලබන 22 වැනිදා  විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු ආණ්ඩුකාර ධුරයට පත් කිරීම සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ විශ්වාසයක් නැතැයි සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාව සකස් කරන බවත්, ඊට සහාය පළ කරමින් අත්සන් තැබීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් සූදානමින් සිටින බවත් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු පැවසීය.

ආණ්ඩුකාර ධුරය වැනි වැදගත් තනතුරකට පුද්ගලයෙකු පත් කිරීමේදී ඊට ගැළපෙන, සියලු දෙනාගේ විශ්වාසය දිනාගත් පුද්ගලයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට වගකීමක් තිබෙන බවත්, අසාද් සාලි මහතා පත් කිරීමේදී දේශපාලන හිතවත්කම පමණක් සලකා බලා තිබෙන බවත් එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පළාත් සභා රැස්වීමට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී මන්ත්‍රීවරුන් අත්සන් කළ යුතු ප්‍රමාණයක් දක්වා නොමැති අතර, සුළුතර වැඩි ඡන්දයෙන් එම යෝජනාව සම්මත කරගැනීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka