gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තණපටෙන් හෙරෝයින් වැටෙද්දී ගම්මු රතිඤ්ඤා දායි

හෙරෝයින් මත් කුඩු සහ ටැමඩෝල් පෙති මහා පරිමාණයෙන් අලවි කිරීමේ ජාවාරමක නිරතවූ කාන්තවක් සහ තරුණයෙකු හලාවත කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (05) සවස මාදම්පේ පොලිස් වසමේ - මහගම ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබේ.
උපාය දූතයෙකු යොදවා ටැමඩෝල් පෙති සහ හෙරෝයින් මත් කුඩු මිළදී ගැනීමට කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී ප්‍රධාන ජාවාරම්කරුවා තම ගෝලයාට ටැමඩෝල් සහ හෙරෝයින් මත් කුඩු ගෙනවිත් දී ඇත. පොලිස් නිලධාරීන් එම ස්ථානය වැටලීමේදී ප්‍රධාන ජාවාරම්කරුවා පලා ගොස් තිබේ.

ජාවාරම්කරුවාගේ ගෝලයා සතුව තිබී හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 2300 ක් සහ ටැමඩෝල් පෙති 68 ක් වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇති එම සැකකරු 19 හැවිරිදි අයෙකි.

එම ස්ථානයේ සිටි ප්‍රධාන ජාවාරම්කරුවාගේ බිරිදව පරීක්ෂා කිරීමේදී ඇයගේ තණ පටය තුළ සගවා ගෙන තිබූ හෙරෝයින් මිලි ග්‍රෑම් 4500 ක් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් විසින් සොයා ගෙන ඇත.එම සැකකාරිය 34 හැවිරිදි තැනැත්තියකි.

වැටලීම සිදු කරන විට පලා ගොස් ඇති ප්‍රධාන ජාවාරම්කරුවා ප්‍රදේශයේ හොර කසිප්පු නිෂ්පාදනය කර අලවි කිරීම,හෙරෝයින් මත් කුඩු සහ ටැමඩෝල් පෙති අලවි කිරීම සදහා ප්‍රසිද්ධියක් උසුලන අයෙකු බව වැටලීම කළ නිලධාරීන් කියයි.ඔහු ප්‍රදේශයේ පාසල් සිසුන් සහ තරුණ පරපුර ඉලක්ක කරගෙන කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවද ප්‍රදේශවාසීන් කියා සිටී.මෙම ජාවාරම වැටලීම සැළවූ විට මහගම ප්‍රදේශයේ ඇතමුන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කර ඇත.

එම ජාවාරම්කරුවාව මීට පෙර අවස්ථාවක මාදම්පේ පොලිසියේ නිලධාරීන් විසින් නීති විරෝධී ලෙස නිපදවන ලද කසිප්පු තොගයක්ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්යංශයේ මාරවිල ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුක් මත හලාවත කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය සහ සැකකරුවද,හෙරෝයින් මත් කුඩු සහ ටැමඩෝල් පෙති හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මාදම්පේ පොලීසියට බාරදීමට වැටලීම කළ නිලධාරීන් කටයුතු කර තිබේ.

හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජිත් කුමාරපේලි,සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස දුෂණ මර්ධන ඒකතකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යටවර මහතා ඇතුළු නිලධාරීන් විසින් වැටලීම සිදු කර ඇත.

සටහන - ජුඩ් සමන්ත - පුත්තලම
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka