gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදෙස්ගත ලාංකිකයන් 222ක් මරුට

මෙම වසරේ ගතවූ කාලය ඇතුළත විදේශගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 222 දෙනකු විවිධ හේතූන් මත මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනාවරණය කරයි.

ඒ අනුව මියගිය ශ්‍රමිකයන් අතරින් 50ක් කාන්තාවන් වේ. මියගිය පිරිස අතරින් පුද්ගලයන් 145 දෙනකු ස්වාභාවික හේතූන් මත මියගොස් ඇති අතර කාන්තාවන් 06 දෙනකු හා පිරිමින් 25 දෙනකු සියදිවි හානිකරගෙන තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය ශ්‍රමිකයන්ගේ සිරුරු මෙරටට ගෙන්වීම සඳහා මේ වසරේදී රුපියල් මිලියන 07ක් පමණ වැය වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.

ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් මියගොස් තිබෙන්නේ සෞදි, කුවේට් සහ කටාර් යන මැද පෙරදිග රටවල සේවයේ නිරතව සිටියදී බවද මෙම කාර්යාංශය අනාවරණය කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka