වල් ඌරන්ට දාන ඇමේ පැටලී පුද්ගලයන් 16 ක් මරුට

පසුගියදා වල් ඌරන් මර්දනය සඳහා නීතිමය ඉඩකඩ ලබාදීමත් සමඟ වල් ඌරු දඩයමට අනවසරයෙන් විදුලි රැහැන් යෙදීම වැඩිවීම හේතුවෙන් ඊට හසුවීමෙන් සිදුවූ පුද්ගල මරණ රැසක් උඩහේවාහැට ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ අනුව අනවසරයෙන් වල්ඌරු දඩයමට දැමූ විදුලි රැහැන්වල පැටලී පුද්ගලයන් 16 දෙනෙක්‌ පමණ
ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස්‌ වාර්තාවල සඳහන් වේ.

ඊට අමතරව මෙම අනවසර ක්‍රියාව නිසා නිතර විදුලිය විසන්ධි වීම හේතුවෙන්ද ජනතාව පීඩාවට පත්වන අතර හපුවල, ගන්නෑව, හේවාහැට මුල්ඔය, බඹරගම, මන්දාරම්නුවර වැනි ප්‍රදේශවල බහුලව මෙය සිදු වේ.

gossip lanka