gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රංගේ බණ්ඩාරට මාර්තු 15දා උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

පුත්තලම තබ්බෝව වැව ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතන බිමක ගල් ඇතිරීම් කළ ආයතනයකට ගෙවිය යුතුව ඇති රුපියල් දස ලක්ෂයක පමණ මුදලක් ලබාදීම පැහැර හැරිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පුත්තලම් දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතාට ලබන මාර්තු මස 15 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නුගේගොඩ දිසා විනිසුරු
නිල්මිණී ෆර්ඩිනැන්ඩස් මහත්මිය නියෝග කළාය.

නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි එස්.එම්.එස්. හෝල්ඩින්ග්ස් නමැති පෞද්ගලික ආයතනයක් නීතිඥ ජනක වැලිවත්ත මහතා මඟින් පැවැරූ නඩුවකට අනුව එසේ සිතාසි නිකුත් කෙරිණි.

සිය පැමිණිල්ල මඟින් එම ආයතනය අධිකරණය වෙත දන්වා ඇත්තේ රංගේ බණ්ඩාර මහතාගේ ඉල්ලීම මත ඉහත කී නිවාඩු නිකේතනයේ බිම ගල් ඇතිරීම සඳහා ඒ මහතා සමඟ රුපියල් විසි ලක්ෂයක පමණ මුදලකට ගිවිසුමක් අස්සන් කළ බවයි.

එම බිම් ගල් ඇතිරීමේ කාර්යය නිසි ලෙස ඉටු කළ නමුත් රංගේ බණ්ඩාර මහතා තම ආයතනයට රුපියල් දස ලක්ෂයක පමණ මුදලක් ලබාදීම පැහැර හැර ඇති බවද එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

- මවුබිම




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka