gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති නියමයෙන් යළිත් නිල ඇඳුම් වවුචර්

තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව වවුචර් පත් 15 වැනිදායින් පසු පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බවද එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කළේය.

වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල 15
වැනිදා සිට නිකුත් කිරීමට බලයලත් සියලුම රෙදි අලෙවි සැල් කුඩා කර්මාන්ත හිමියන් ඊයේ (12) තීන්දුවක් ගත් බවද ඔහු කියා සිටියේය.

පසුගිය ආණ්ඩුවේ ඉල්ලීමට අනුව ලක්ෂ 43ක දරුදැරියන්ට ලබාදීමට නියමිතව තිබූ වවුචර් පතට රෙදි ලබාදීමට කුඩා කර්මාන්තකරුවන් මෙරටට රෙදි ගෙන්වා තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

එහෙත් පසුව එම තීරණය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ බවත්, මේ නිසා පාසල් නිවාඩුවට පෙර නිලඇඳුම් රෙදි ලබාදීමට නොහැකි වූ බවත් සභාපතිවරයා කියා සිටියේය.

මේ පිළිබඳ සඳහන් කරමින් තම සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදුන් බවද හෙතෙම සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka